කුලදරුවෝ සසුන්ගත කෙරෙති


(නිමල් ජයරත්න)

 
මුස්ලිම් දරුවකු ඇතුළු සිංහල, ආදිවාසී කුලදරුවෝ හත්දෙනෙක් මඩකලපුව කල්කුඩා ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී අද(10) සසුන්ගත වූහ.
 
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ සහ මඩකලපුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියෝ එම අවස්ථාවේදී අනුශාසනා පැවැත්වූහ.
 
පිඹුරන්නෑව, මෛත්‍රීගම, රුවන්පිටිය, ඕටමාවඩි, වැලිකන්ද මහින්දාගම, පූනානිගම යන ගම්මානවලින් පැමිණ සිට මෙම කුලදරුවන් අතර, එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක්ද වූහ.