කුෂිනගර් ගුවන්තොටට පළමු ගුවන් යානය පිටත්ව යයි


(ටී.කේ.ජී.කපිල)

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරන අවස්ථාවේ  එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස සහභාගී වීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක්  අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ දඹදිව චාරිකා  පහසු කරලීම සඳහා ඉදිකළ මෙම නව ගුවන්තොට විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වන අතර , ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාත් සහභාගී වීමට නියමිතය .

මෙම ගුවන් ගමනට භික්ෂූන් වහන්සේ 95 නමක් ඇතුළු 111 දෙනෙක් සහභාගී වුහ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක , සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ද එම පිරිසට අයත් වෙති.

මෙම පිරිසට සුභ පැතීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .