කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි


(ගයාන් සූරිය ආරච්චි)

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක්  කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 37 සහ 39 වියේ පසුවන කඳාන සහ පමුණුගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කූට ලේඛන සකස් කරමින් පන්නල ප්‍රදේශයට  අලෙවි කරන ලද මෝටර් රථයක්  පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස ඉදිකිරීම්, නිවාස මිලදී ගැනීම් සහ විකිණීම් සිදු කරමින් පුද්ගලයන් රවටා මුදල් වංචා කර ඇති බවය.