කූරගල චෛත්‍යයේ නිදන් වස්තු තැන්පත් කරයි


ඓතිහාසික කූරගල සාක්‍යසුගත මහ සෑයට නිදන් වස්තු තැන්පත් කිරිම ජනාධාපති ගෝඨාභය රාජපක්ෂ  සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ. 

උසින් අඩි 125ක් පමණ වන මෙම සෑය සබරගමුවේ විශාලතම සෑය ලෙස හැදින්වේ. මෙම  චෛත්‍යය දිස්ත්‍රික්ක හයකට දර්ශනය වන බව කුරගල ගොඩනැංවිම භාර වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති .

පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශණාවක් පෙරදින රැය පහන්වන තුරු පැවැත්විණි. මෙවර ජාතික වෙසක් උත්සවය ද කූරගලදී පැවැත්විමට නියමිත අතර එදින මෙම චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමට නියමිතය.

(ඡායාරූප: ගයාන් අමරසේකර )