කෘතිම පරීසර පද්ධතියක් නිර්මාණයට බස් රථ මුහුදේ ගිල්වයි


(යොහාන් භාසුර)

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන උතුරු මුහුදේ කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී  ආරම්භ කළේය.

යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම මෙම කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණ ව්‍යාපෘතියේ අරමුණයි.

මුහුදු ප්‍රදේශයේ කෘත්‍රීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස් රථ 20 ක් මුහුදේ ගිල්වීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මගින් ඉවත් කළ බස් රථ හතරක් ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්ෂිතව දියයට ස්ථානගත කළේය.

මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීම අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානය මෙම ව්‍යාපෘතියට සහයෝගය දක්වයි.