කෘමීන් විද්ද වම්බටු අස්වැන්න කිලෝ 14000ක් ගිනි දෙවියන්ට


කෘමීන් විනාශ කළ වම්බටු කිලෝ 12000කට කෘෂි ජීවි නිලධාරින් ඉදිරියේ  දඹුල්ලේ ගොවි මහතෙක්   ගිනි තබා විනාශ කළේය.

අක්කර පහක පමණ වම්බටු වගාවට අවශ්‍ය කෘමි නාශක නොමැති නිසා නෙලාගත් කිලෝ 14,000 න් 12,000ක්ම අලෙවි කර ගත නොහැකි මට්ටමට කෘමීන් විනාශ කර ඇතැයි එම ගෙවි මහතා පැවැසීය.

අක්කර පහක වගාවෙන් කිලෝ 2000ක් අලෙවි කළ බව ද ගොවි මහතා කියා සිටියේය.

ඡායාරූප කාංචන කුමාර ආරියදාස