කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් පහත්බිම් ජලයෙන් යටවෙයි


රංජිත් රාජපක්ෂ

                         
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ  පහත් බිම් රැසක් අද (25) පස්වරුවේ ජලයෙන් යට වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන මහඑළිය රක්ෂිතයට අද පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාත් සමඟ කෙසෙල්ගමුඔය පිටාර ගලා තිබේ.

කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කාසල්රි ජලාශය ද ජල මට්ටම ඉහළ යමින් පවතින බව විදුලිබල මණ්ඩලය කියයි.