(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කියයි.
වයස අවුරුදු තිස් දෙකක් පමණ වන කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් සනාථ වී නැත.
මරණකාරිය තවත් පුද්ගලයකු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බරපතල තුවාල ලද කාන්තාව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර සැකකරු හඳුනාගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.