(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය පෙර දිනයට සාපේක්ෂව පසුබැසීම නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (7) පෙරවරුවේ සුළු වේලාවක් අත්හිටුවීමට පියවර ගත්තේය.
කොළඹ කොටස් වෙළෙඳපොළ එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය පෙර දිනයට සාපේක්ෂව සියයට 5 ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් ගණුදෙනු තාවකාලිකව නතර කිරීමට පියවර ගත්තේය.
ගනුදෙනු අත්හිටුවන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් බවට පත්ව තිබූ බවත් එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය ඒකක 240.45 කින් පහළ ගොස් ඒකක 4,292.90 ක් බවට පත්ව තිබූ බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ නිලධාරියෙක් පැවසීය.