කොටුව දුම්රියපොළේ තාප සංවේදී කැමරා උපකරණ සවිකරයි





ළහිරු හර්ෂණ

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිට වන සියලුම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා ඊට සුදුසු තාප සංවේදී  කැමරා උපකරණ සවි කිරීම අද(09) සිදු කෙරිණි.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් පසුව නිරෝධායන නීතිවලට අනූව රජයේ සහ පෞද්ගලික අංශයේ සේවාන් සදුදා(11) ආරම්භ කිරීමට නියමිත අතර රැකියාවන් හා සේවාවන් ලබාගැනීම සදහා  පැමිනෙන පිරිසගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරිමට මෙම උපකරණට සවි කෙරිණි.

එහිදී උෂ්ණත්වය වැඩි පුද්ගලයින් මෙම උපකරණය මගින් හඳුනාගැනේ. ඉන්පසුව ඔවුන් සෞඛ්‍ය අංශ වෙත යොමුකරනු ලැබේ.