කොතලාවල පනතට අදත් තැන තැන විරෝධතා


 

(රංජන් කස්තුරි)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි රජයට බලකරමින් රටපුරා නගර ගණනාවකදී විරෝධතා උද්ඝෝෂණ රැසක් පැවැත්විණි.

මාතර,ගම්පහ යක්කළ, ගල්ගමුව, අනුරාධාපුර ඇල්පිටිය, ඇතුළු නගර රැසක පැවැති මෙම උද්ඝෝෂණවලට ගුරු සංගම් නියෝජිතයන් ද,වෘත්තීය  සමිති ක්‍රියාකාරීන්ද, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

අධ්‍යාපන මිල්ටරිකරණය කිරීමටත් මුදලට උපාධි අලෙවි කිරීමටත් ඉඩ නොදන බව විරෝධතා කරුවෝ පැවැසූහ.

බොහෝ විරෝධතා සෞඛ්‍ය නීතිරීතිවලට අනුව සිදු කෙරිණි.

(ඡායාරූප: තිලකරත්න-දිසානායක)

යක්කල නගරයේදී


(ඡායාරූප: ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර නගරයේදී


(ඡායාරූප: නිහාල් ජයවීර)

ගල්ගමුව සති පොළ අසළ