කොරියන් රොකට්ටුවට පහර දෙන්න සූදානම්


උතුරු කොරියාව, ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට සූදානම් වෙයි. චන්ද්‍රිකාව යැවිම සිදුවනු ඇත්තේ උතුරු කොරියාව සතු දිගු දුර PAC-3 මිසයිල රොකට්ටුවක ආධාරයෙනි.

මෙම රොකට්ටුව උඩු ගුවන බලා යන්නේ ජපානයේ ඔකිනාවා සහ තවත් කුඩා දූපත් සමූහයකට ඉහළිනි. රොකට්ටුවේ සුන්බුන් කැබලි ජපාන දූපත්වලට පතිත වීමට ඉඩ ඇති බව පැවැසෙයි.

ඒ අනුව, පහළට වැටෙන රොකට් කැබලි සහ සුන්බන් සමුබන්ධයෙන් ජපාන හමුදාව සීරුවෙන් පසුවෙයි. එම සුන්බුන් උඩු ගුවනේදී විනාශ කර දැමීමට තමන් සූදානම් බව ජපාන හමුදාව පවසා ඇත.

(රොයිටර්)