දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ.
විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ මෙම නව සහල් වර්ගය ඉදිරියේ දී මස් කෑමට ප්‍රිය කරන බොහෝ දෙනකුට අපූරු ආහාරයක් වනු ඇති බවය.
හරක් මස්වල ඇති පෝෂණ ගුණය මෙම සහල්වලට අන්තර්ගත කිරීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති.
අනාගතයේ අභ්‍යවකාශ කටයුතුවලදීත්, ග්‍රහලෝක ගවේෂණයේදීත් පහසුවෙන් සකසාගත හැකි පෝෂණ ගුණයෙන් පිරුණු සහල් වර්ගයක් ලෙස මෙම ‘මස් සහල්’ හඳුන්වා දීමට ද විද්‍යාඥයන් බලාපොරොත්තු වෙයි.
මෙම නව සහල් වර්ගය රෝස පැහැතිය. එයින් බටර් සුවඳක් හමයි.
(එන්.ඩී.ටීවී.)