කොරෝනා අවදානම මැද ගාලු කොටුවේ සැරිසරන විදේශිකයෝ


(සිරංගිකා ලොකුකරවිට) 

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සිමා කර තිබුණ ද ගාල්ල කොටුවේ සංචාරකයන් විශාල වශයෙන් සිටිනු දක්නට ලැබේ.

ඔවුන් වැඩිදෙනකු යුරෝපා රටවලින් පැමිණ සිටි අය වුවද මුඛ ආවරණ පැළඳීම වැනි ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරනු දක්නට නොහැකි විය.