කොරෝනා මඩින්නට පොලී⁣සියෙන් වීදි නාට්‍ය


ප්‍රියානි මංගලිකා

කොරෝනා  වයිරස ආසාදිතයන් අටදෙනෙකු වාර්තා වූ  නිකවැරටිය  මැතිවරණ කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම සඳහා  නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපත් කළ වීදි නාට්‍ය සංදර්ශනයක් අද ( 23 ) නිකවැරටියේ දී පැවැත්විණි.

මෙහිදී  ජනතාව අනිවාර්යයෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපැදිය යුතු බවද ,ජනතාව නගරයට පැමිණිය යුතු ආකාරය පිළිබඳවද, එලෙස කටයුතු නොකරන අයට  නීතිමය පියවර ගන්නා  බවද නාට්‍යයෙන් දැනුවත් කෙරිණි.

නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා ප්‍රකාශ කළේ නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් , රස්නායකපුර , කොටවෙහෙර , ⁣කොබෙයිගනේ , මහව, අඹන්පොළ , ගල්ගමුව  , ගිරිබාව , පොල්පිතිගම , මීගලෑව , පන්සියගම යන සෙසු පොලිස් වසම් දහය තුළද මෙම වීදි නිට්‍ය සංදර්ශන මාලාව පවත්වා ජනතාව දැනුවක් කිරීමට පියවර ගන්නා බවය.
                         
කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව, පොලිස් අධිකාරී කාර්යාල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකය විසින් වැඩසටහන සංවිධානය කෙරිණි .