කොල්ලුපිටියේ දැඩි වාහන තදබදයක්


(යොහාන් භාසුර)

කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන  පෝලිම පැවතීමෙන් අද (13) පස්වරුවේ කොල්ලුපිටිය දක්වා දැඩි වාහන තදබදයක් පැවතුණි.

මෙම පෝලිම් නිසා කොළඹ නගරයේ බොහෝ මාර්ගවල දැඩි වාහන තදබදයක් දැකිය හැකි වූ අතර ඒ හේතුවෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)