කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 21 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රර්ශනය කොළඹ  සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී අද (20) ආරම්භ කෙරිණි.

මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත ඩී.සී. මන්ජුනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා, ලේකම් සමන්ත ඉන්දීවර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.