කොළඹ පාරවල් රැසක් අවහිර වෙයි


(ඉන්දිකා රාමනායක )

ඉන්ධන ඉල්ලා සුගතදාස  ක්‍රීඩාංගණය අසල  කොළඹ මීගමු මාර්ගය සහ   බොරැල්ල මරදාන පාර  ආනන්ද විද්‍යාලය අසලින් මාර්ග   අවහිර කරමින්  පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව  පොලිසිය පවසයි.

මෙම මාර්ග භාවිතා කරන රියදුරන්ට මෙම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිස් මූලස්ථානය දැනුම් දෙයි .

(ඡායාරූප: ගයාන් අමරසේකර)