කොළඹ මහ නගර සභා භූමියේත් වගාවක් අරඹයි


රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හා ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව විසින් නගර සභා භූමියේ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි මෙම වගාව සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබේ.

නගර සභාවේ සේවකයන් විසින් වගා කිරීමට අද (11) උදෑසන පස සකස් කරන අයුරු දක්නට ලැබිණි.

එහිදී අප කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ භවභෝග කිහිපයක් වගා කරන බවය.

(ශාන්ත රත්නායක)