කොළඹ වරායේ පිවිසුම් දොරටුව අසළ උද්ඝෝෂණයක්


( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියානු ‘අදානි’ සමාගමට බදුදීමට රජය ගෙන ඇති තීරණය වහාම අකුලා ගන්න යැයි පවසමින් වරාය වෘත්තීය සමිති එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට අද (22) පැවැත්විණි. 

‘ජාතියේ හදවත දෙපළු නොකරනු - ඩොලර් මැෂිම රැකගමු’ යන තේමාව යටතේ මෙය පැවැත්වූ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ , විවිධ අංශයන්හි සේවයේ නියුතු සේවක සේවිකාවන් විශාල පිරිසක් මෙම උද්ගෝෂණය සඳහා සහභාගී වූ අතර දැඩි පොලිස් රැකවල් ද මේ වෙනුවෙන් යොදවා තිබෙන අයුරු දැකගත හැකි විය.

නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම සහ කළමනාකරණය කිරීමේ දැනුම ,හැකියාව මෙන්ම සියලු අත්දැකීම් වරාය සේවකයින් සතුවන අතර ඒ වගකීම් සියල්ල ඔවුනටම භාරදීමට රජය වහාම කටයුතු කලයුතු බවත් ඉන්දියානු සමාගමට මෙම පර්යන්තය බදුදීමට එරෙහිව මුළු රටේම ජනතාව පෙළගැස්සීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බව වරාය වෘත්තීය සමිති එකමුතුවේ ක්‍රියාකාරීහු මෙහිදී පැවසුහ.