කොළඹදී පාකිස්තාන නිදහස් දිනය සැමරේ


 

පාකිස්තානයේ 74 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී  අද (14) පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ, වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. තන්වීර් අහමඩ් මහතා පාකිස්තාන ධජය ඔසවමින් මෙම උත්සවය ආරම්භ කළේය.

කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ ලේකම් අස්මා කමල් මහත්මිය, මෙම උත්සවයේ දී පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතාගේ නිදහස් පණිවුඩය කියවූවාය.

පසුව මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබුබකර් ෆාහඩ් මහත්මිය පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පණිවුඩය කියවූවාය.

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, මෙරට ජීවත්වන පාකිස්තාන ප්‍රජාව ඇතුළු අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

055