(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපේ දුම්රිය දැන් හරියට සෙක්සි වෙලා යැයි ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කවුරුත් ආසයි.දුම්රිය සෙක්සි වුණාට හෙල්දි නෑ.ප්‍රමාද වීම් තියනවා.දුම්රිය සේවය අප රටේ අභිමානයක්. එය පුළුවන් ඉක්මනින් හදන්න අප කටයුතු කරනවා.දුම්රිය සේවයේ යම් ප්‍රතිසංස්කරණ අරඹා තිබෙනවා.සියලු දුම්රිය ස්ථාන වල කාන්තා විවේකාගාර ඉදිකරන්න අප කටයුතු කරනවා.අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමට අප තීන්දු කර තිබෙනවා. පාදුක්ක සිට අවිස්සාවේල දුම්රිය මාර්ගයත් වේගය වැඩි කර නවීකරණය කරනවා.දුම්රිය ස්ටේෂන් "බ්‍රෑන්ඩ්"කරන්න අප පෞද්ගලික අංශයට ආරාධනා කරනවා .නානුඔය සිට නුවරඑළියට සංචාරක දුම්රිය ඇරඹීමට හැකිදැයි සක්‍යතා අධ්‍යයනයක් කරනවා.ලංගම සහ දුම්රිය සේවය සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්ති තීන්දු ගෙන තිබෙනවා.බස් රථයක රියදුරුවරියන් දුම්රිය රියදුරුවරියන් තව වසරක් යන විට දැක ගන්න හැකිවේවි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.