කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසරට සුහුරු පන්ති කාමර


ශ්‍රී ලංකාවේ පාසලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී  ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසර පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ උත්සවය අද (7) පැවැත්විණි.
 
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් සේවා අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
 
ඒ අනුව අංග සම්පුර්ණ සුහුරු පන්ති කාමර 5 ක් ඇතුළත් සිසුන් 160 දෙනෙකුට ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු කළ හැකි ගොඩනැගිල්ල  අමාත්‍යවරයා සිසු අයිතියට පත් කෙරිණි.
 
ඡායාරූප - ගයාන් අමරසේකර