කෝටි 13 ක දුම්වැටි විනාශ කෙරේ


( රංජන් කස්තුරි)


ශ්‍රී ලංකා රේගුව මගින් විටින් විට අත්අඩංගුවට ගත් රුපියල්  කෝටි 13 කට අධික  වටිනාකමකින් යුත් විදේශ  දුම්වැටි ලක්ෂ 23 ක් කොළඹ දුම්කොළ සංස්ථා පරිශ්‍රයේදී ( 4) අද විනාශ කෙරිණි.

නීතිවිරෝධි ලෙස එම දුම්වැටි විදේශ රටවල සිට ආනයනය කර තිබූ අතර ඒවා රේගුවේ  ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කළ බවද ශ්‍රී ලංකා රේගුව කියයි.
 
 (ඡායාරූප  ජයමාල් චන්ද්‍රසිරි)