කෝටි ගණනක වාහන රේගුවට මාට්ටු


(යොහාන් භාසුර)

නීති විරෝධීව එංගලන්තයේ සිට ගෙනඑන ලද රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි මෝටර් රථ 5 ක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී භාරයට ගත් බව රේගු අධිකාරී ඒ. බී. ඉසඩීන් මහතා අද (23) පැවසීය.

වාහන අමතර කොටස් යැයි පවසා විශාල ප්‍රමාණයේ කන්ටේනර දෙකක සඟවා තිබූ බෙන්ස්, අවුඩි සහ ෆියට් යන වර්ගවල මෝටර් රථ සොයාගත් බවත් එම වාහන ආනයනකරු මේ වන විටත් හදුනාගෙන ඇති බවත් ඒ. බී. ඉසඩීන් මහතා කීය.

මෙම වාහන පිළිබඳව පරීක්‍ෂණ තව දුරටත් ක්‍රියාත්මක බවත් වාහනවල වටිනාකම කෝටි 15 කට වඩා වැඩි වියහැකි බවත් ඒ. බී. ඉසඩීන් මහතා වැඩි දුරටත් කීය.