කෝටි පහක ගෝල්ඩන් කී බදු ගන්නවා ද නැද්ද අධිකරණයට කියන්න කියයි


(රෝෂන් තුෂාර)

ගෝල්ඩන් කී පුද්ගලික සමාගම නොගෙවා පැහැර හරින ලදැයි කියන රුපියල් කෝටි පහකට අධික බදු මුදල් සමාගමේ  අධ්‍යක්ෂවරුන්ගෙන් අය කරනවා කරනවා ද නැද්ද යන්න පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය ජූලි මස 29 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්ෂකවරයකු සිටියදී මිය ගිය ලලිත් කොතලාවල , සිසිලියා කොතලාවල හා කාවන් පෙරේරා ඇතුළු අධ්‍යක්ෂකවරුන් අට දෙනකුට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩු තුනක් කැඳවීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළාය.

2002 වසරේ සිට 2009 වසර දක්වා නොගෙවා පැහැර හැරි වැට් බද්ද වන රුපියල් 16966816.83ක්, ජාතිය ගොඩනැගීමේ බදු වන රුපියල් 38679770.80 ද 2018 වසර  සඳහා නොගෙවා පැහැර හැරී රුපියල් 2242 097.00 ක වැට් බදු මුදල් අයකර ගැනීම සඳහා මෙම නඩු තුන 2021 වසරේ පවරා තිබිණි.