කෝටියක රටබීම ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටියක් පමණ වටිනා රටබීම බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී අද(16 )  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් මොහු  , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි .

 ඔහු අද(16 )  අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුල සඟවාගෙන මෙම රටබීම බෝතල ගෙනැවිත් තිබිණි.