කෝවිඩ් එන්නත යළි ක්‍රියාත්මකයි


(ශාන්ත රත්නායක)

කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සඳහා යුද හමුදාව  ක්‍රියාත්මක කරන ලද කොළඹ විහාර මහා දේවී උද්‍යානය එන්නත් කරන මධ්‍යස්ථානය අද (26)  යළි ආරම්භ කර ඇත .

ඉරිදා දිනයේ හැර අනෙකුත් සෑම දිනකම උදෑසන 8 සිට 4 දක්වා කාලයේ විහාර මහා දේවී උද්‍යානයේ එන්නත් කරන මධ්‍යස්ථානයෙන් එන්නත ලබාගත හැක 

අවුරුදු 20ට  වැඩි ඕනෑම පුරවැසියකුට ම සියලුම එන්නත් මාත්‍රා ලබාගත හැකි බව යුද හමුදාව පවසයි.