ගණිත ගුරා කැත වැඩක් කරලා


(නිමල් ජයරත්න)

දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනකුට ලිංගික අතවර කළ බව කියන  දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු  අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.

මව්පියන්  පොලිසියට අවස්ථා කිහිපයකදී කරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ දහය වසරේ සිසුවියන් අට දෙනකුට අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට පත්ව ඇති බව ද  සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වූ බව   පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.