ගතවූ පැය 24ට මැතිවරණ පැමිණිලි 13ක්


(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)

පළාත් පාලන මැතිවරණයට අදාලව ඊයේ (8) දා සිට අද (9) දා දක්වා ගත වූ පැය 24ට  මැතිවරණ පැමිණි 13 ක් වාර්තා වන බව පොලිස් මූලස්ථානය පවසයි.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.

මැතිවරණ සම්බන්ධ අපරාධමය පැමිණිල්ලක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 12 ක් වශයෙන් පැමිණිලි 13 ක් වාර්තා වන බවද පොලිසිය පවසයි.

පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගත් දින සිට මැතිවරණයට අදාල අපරාධමය පැමිණිලි 24ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 99 ක් ලැබී ඇත.

එමෙන්ම මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් අපෙක්ෂකයන් 13 ක් සහ ආධාරකරුවන් 42 අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ මුළු වාහන සංඛ්‍යාව 11 ක් බවද පොලිස් මූලස්ථානය පවසයි.