(ගයාන් සූරියආරච්චි)
බූස්ස බන්ධනාගාරයේ දැනට රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබු ජංගම දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඒ කොටසේ අංක 44, 38 හා 37 සිරමැදිරි මෙසේ හදිසි සෝදීසියකට ලක්කර තිබුණි.
එහි දී සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී ස්මාර්ට් ජංගම දුරකථනක්, ජී.ඩබ්ලිව්.සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී සුදුපැහැති හෑන්ඩ් ෆ්‍රී එකක් හා දත්ත කේබලයක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දුරකතන සහ උපාංග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇත.