ගම්පහ සියයට 75යි


(තිලකරත්න දිසානායක)

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 හි ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පස්වරු  4 ට අවසන්වීමෙන් පසුව ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 1212 හි සිට මේ වනවිට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීම සිදු කෙරෙන  වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ විද්‍යාපීඨ පරිශ්‍රය , විද්‍යලෝක විද්‍යාලය සහ නිට්ටඹුව සංඝබෝධි මහ විදුහල් පරිශ්‍රය වෙත රැගෙන එමින් පවතී.

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 4.30 ට ආරම්භ කෙරිණි.