ගමේ කඩෙන් සුපිරි කඩයට ගිය වළං


(ඩයනා උදයංගනී)

ගෑස් හිඟයක් හා ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් වාර්තාවීම හේතුවෙන් ජනතාව භූමිතෙල් ලිප් භාවිතයට වැඩි වශයෙන් යොමුවූ අතර, මේ වන විට යළිත් ඔවුන් ගැටලුවකට මුහුණ පා සිටින්නේ භූමිතෙල් හිඟයක් ද මතුව ඇති බැවිනි.

ඒ හේතුවෙන් ගෑස් මෙන්ම භූමිතෙල් ලබාගැනීමට ද පෝලිම් නිර්මාණය වී ඇති අතර භූමිතෙල් ලිපද අතහැර දර හා දරලිප්, මැටි වලං කෙරෙහි යොමුවීමට දැන් ජනතාවට සිදුව තිබේ.

ගමේ ගොඩේ සාමාන්‍ය වෙළෙඳහල්වල අලෙවි කළ වළං සහ දර මිටිවලින් දැන් දැන් අගනුවර සුපිරිවෙළෙඳහල් රාක්ක පිරි ඇත.

කොළඹ නගරයේ එවැනි සුපිරි වෙළෙඳහල් රැසක රාක්කවල දරමිටි සහ වළං විකිණිමට තබා ඇත. 

(ඡායාරූප ශාන්ත රත්නායක)