ගරුත්වය දී ගරුත්වය ලබමු


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගරුත්වය දී ගරුත්වය ලැබිය යුතුයි.ගැහැණිය ලෙස පිරිමියාටත් පිරිමියා ලෙස ගැහැණියටත් ගරු කරන සමාජය තුළ මේ උත්තුංග මානව දර්ශන  වලට යා හැකි බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

"ලෝකය පුරා වැඩබිම් වල කාන්තාවන් ශ්‍රමයේ අයිතිය පිළිබඳව අරගල කරපු ඉතිහාසයක් තිබෙනවා.කාන්තා දිනය දිනා ගන්නේ ඒ හරහායි. ඉපයීමේ කාර්යයේදී විශාල දායකත්වය දෙන කාන්තාව ප්‍රතිලාභ ලැබීමේදී සිටින තැන ගැන හැමදාම ප්‍රශ්න තිබුණා. ප්‍රතිලාභ භුක්ති විඳීමේ දී කාන්තාවට හිමි වුනේ අසමාන තැනක්.ගැහැණිය ගැන සංවේදී වන අයවැයක් අප මෙවර ඉදිරිපත් කර තිබෙනවා" යනුවෙන්ද අමාත්‍යවරිය කීවාය.