ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි


(උදුගොඩ - වාර්තාකරු)

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලපිටමඩ පොලීසිය කියයි.

මෙම පුද්ගලයා අවු: 51 වන ඉබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් පොලීසිය පවසයි.

ප්‍රචාරක පත්‍රිකා කිහිපයක් මොහු එම ඡන්ද මධ්‍යස්ථානයට මීටර් 500ක පමණ දුරක සිට බෙදා ඇති බවත් පොලීසිය කීය.

මේ වන විට අදාළ සැකකරු ඇප මත මුදාහැරීමට කටයුතු කල බවත් පොලීසිය පවසයි.

ගලපිටමඩ පොලිස් ස්ථානාධිපති සම්පත් කුමාර මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.