ගල්විල පාරිසරික උද්‍යානය ජනතා අයිතියට


 

(එච්. චන්දන)

පුත්තලම දිස්ත්‍රික්කයේ  - කරුවලගස්වැව තබ්බෝව අභය භූමිය තුළ ස්ථාපනය කරන ලද වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ‘‘ගල්විල පාරිසරික උද්‍යානය ‘‘  ජනතාවට විවෘත කෙරිණි.

යාල, විල්පත්තුව වැනි ජාතික වනෝද්‍යානවල මෙන් දෙස් විදෙස් සංචාරකයන් හට පහසුවෙන් වන සතුන් ඇතුළු ස්වාභාවික පරිසර පද්ධති නැරඹීමට මෙහිදී අවස්ථාව හිමිවේ.

තබ්බෝව අභයභූමිය කේන්ද්‍ර කරගෙන පුත්තලම- අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව පහරියහංදිය ප්‍රදේශයේ ස්ථාපිත කළ ගල්විල පාරිසරික උද්‍යානය වනසංරක්ෂක ජනරාල් ඩබ්.ඒ. සි වේරගොඩ මහතාගෙන් ප්‍රධානත්වයෙන් විවෘත කිරිම සිදුවිය.

මෙම ස්ථානයේ මේ වන විට නවාතැන් ගැනීමේ පහසුකම් නොමැති අතර ඒවා සකස් කරගෙන  යනු ලැබේ. පුත්තලමේ නවාතැන් පහසුකම් ලබා ගන්නා අයකුට ගල්විල පාරිසරික උද්‍යානය කිලෝමීටර 13 ක් ඈතින් පිහිටා තිබේ.