ගස් බැඳ සිටි සැර අලියා මියයයි


 

(ඡායාරූප - ක.ග.කරුණාරත්න)

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

 

(ක.ග.කරුණාරත්න)
 
බකමූණ, කුමාරඇල්ල ප‍්‍රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් අල්ලාගනු ලැබූ වන අලියා අද(13) උදෑසන වනවිට මියගොස් සිටිබව වනජීවී නිලධාරීහු කියති.

අලියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නිර්වින්දන ඖෂධවල බලපෑමක්ද වීද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව පොළොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඩී. එම්.  ජේ. වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

බකමූණෙ, සිරිකඳුයාය, කුමාරඇල්ල සහ ඒ අවට ගම්මානවල ජනතාවගේ ජන ජීවිතවලට තර්ජනයක් වන ලෙසට මෙම අලියා ගම්වල සැරිසරන බව ප‍්‍රදේශයේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් අලියා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට රැගෙනයාමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබුණි.