(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
ග්‍රෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී ඉකුත් (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ඒ අතර 16 හැවිරිදි තරුණයෙකුද වේ.ද්විත්ව ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් වන පුද්ගලයන් අට දෙනෙකු පොලිසිය මගින් මේ වන විට අත්අඩංගුවටගෙන ඇත
එම සැකකරුවන් සමග ඝාතනයට යොදාගත් මන්නා පිහි දෙකක් මෙන්ම ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.එම සිද්ධියෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.
ඝාතනයට ලක්වුයේ සේදවත්ත නවලෝක පුර පදිංචිව සිටි ත්‍රී රෝද රථ රියදුරෙකු වූ මොහොමඩ් යාසිර් (21) හා කුලී වැඩවල නිරත සිංහප්පුලිගේ මදුසංක (22) යන අයවලුන්ය.