ග්‍රෙගරි වැවේ වතුර අරී බෝට්ටු කරුවන් නන්නත්තාරයි


( රංජිත් රාජපක්ෂ ) 

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයෝ කියති.

නුවරඑළිය මහ නගර සභාව පාලනය කරනු ලබන වැවේ ඉවුරේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිම ඇතුළු  වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑලිය මහ නගර සභාව විසින් ඊයේ (22)  සිට වැවේහි ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බව එම සංගමයේ සමාජිකයෝ කියති.

කොවිඩ් පැතිර යාමේ අවදානමත් සමග මාස කිහිපයක් තිස්සේ නුවරඑලිය සංචාරකයන් නොපැමිණිම නිසා තමන් කළ රැකියාවෙන් තාවකාලිකව ඉවත් වි සිටි බවත්, 2021 නොවැම්බර් මස සිට සංචාරකයන් නුවරඑලියට පැමිණිමත් සමග සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව යළි බෝට්ටු සේවාව පවත්වාගෙන යන අතරතුර වැවේහි ජලය හිස් කිරිමට නුවරඑලිය මහ නගර සභාව කටයුතු කර ඇති බවද ඔවුහු කීහ.

මේ දිනවල නුවරඑලිය  විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත්,එම සංචාරකයන්ටද  මෙ තත්ත්වය මත ග්‍රේගරි වැවේහි විනෝද විමට අවස්තාවක් නොලැබි ඇතැයි ද ඔවුහු කියති.

බෝට්ටු කාර්මාන්තයේ යෙදි සිටි සමාජිකයන් 175 දෙනෙකු පමණ දැඩි පිඩාවට පත් ව ඇති බව නුවරඑලිය ග්‍රෙගරි වැවේහි සංචාරක බෝට්ටු සංගමය කියයි.

නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා කියා සිටියේ නුවරඑලියේ ග්‍රේගරි වැවේ සංවර්ධන කටයුතු සිදු නොකිරිම නිසා මේ වන විට වැවේහි රොන්මඩ තැන්පත් වි ජපන් ජබර පැළැටි ජලාශය ආක්‍රමණය කර ඇති බවයි.

ඒසේම නගර සභාව විසින් සිදු කරන සංවර්ධන කටයුත්ත නත්තල් සමය අවසන් විමෙන් පසු සිදු කල යුතු බවත්,එම සංවර්ධන කටයුත්ත මේ දිනවල සිදු කිරිම නිසා නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ග්‍රේගරි වැව පරිශයට ගොස් සතුටු විමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය නගර සභාවේ නගරාධිපතිවරයා සහ නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරියගෙන් කරුණු විමසිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යර්ථ විය.