ගාල්තැන්නේ කපුවා රිමාන්ඩ්


( ජේ.ඒ.එල්.ජයසිංහ)

 

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ  මහතාගේ  ලේකම්වරයෙකු විසින්  තමන්ට බාර දුන් බව කියන ලියාපදිංචි නොකරන ලද එකලස් කරන ලද සුපිරි ජීප් රියක් ලඟ තබා ගත් සිද්ධියක් සම්බන්ධයෙන්  තෙල්දෙණිය පොලිසියේ විශේෂ විමර්ශණ අංශය මගින්  සැකපිට අත් අඩංගුවට  ගෙන  තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත්  ස්වර්ණා කරල්ලියද්ද මහත්මිය හමුවට ඉදිරිපත් කරන ලද මහනුවර  සුප්‍රසිද්ධ දේවාලයක දේවගැතිවරයෙකු  නොවැම්බර් මස  11  වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  වැඩ බලන මහේස්ත්‍රාත් තුමිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ගාමීණී ආනන්ද  යන අයෙකි.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන්  අමරසිංහ මහතාගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ   විශේෂ විමර්ශණ ඒකකය මඟින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශණ  කටයුතු  සිදුකරයි.