ගාල්ල සමුද්‍ර මාවතට මුහුද ගොඩ ගලයි


(ඩී.ජී..සුගතපාල)

මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම නිසා ගාල්ල සමුද්‍ර මාවත ද වරාය පොලිසිය රේගුව ඇතුලු ඇතුලු ස්ථාන කිහිපයක්ද අද (02) සවස  ජලයෙන් යටවිය. 

වෙරලේ නවතා තිබු ධිවර යාත්‍රා කිහිපයක්ද රළ පහරට හසුව ගොඩ බිමට ගසාගෙන ඇවිත් තිබෙන අතර සමුද්‍ර මාවත   ජලයෙන් සහ වැලිවලින් පිරිම හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇත. 

සමුද්‍ර මාවතේ බැම්මටද හානි සිදුව ඇති අතර පවතින දැඩි සුළං තත්වයත් සමග මෙසේ මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම සිදුවිය.