ගාලු වරාය සතු බෝයාව දෙවට වෙරළට ගොඩ ගසයි


 

අමිල මදුශංක

ගාල්ල වරාය සතුව මුහුදේ ස්ථාපිත කර තිබූ බෝයාවක් අද (19)අලුයම හැමූ දැඩි සුළඟට හසුව ගාල්ල දෙවට වෙරළ තීරය අසලට ගොඩ ගසා තිබුණි.

ඈත මුහුදේ ගමන් කරනු ලබන නෞකා ගාල්ල වරායට නිරුපද්‍රිතව පැමිණීම සඳහා වරාය දක්වා සීමාව තුළ මෙම බෝයාවල් හතක් ස්ථාපිත කර ඇති අතර මෙලෙස ස්ථාපිත කර තිබූ එක් බෝයාවක් අද (19) අලුයම මුහුදු ප්‍රදේශය හරහා හමාගොස් තිබූ සුළඟට හසුව මෙලෙස ගාල්ල දෙවට ප්‍රදේශයට ගොඩ ගසා තිබුණි.

පසුව දොඹකරයක් මාර්ගයෙන් එය මුහුදෙන් ගොඩට ඔසවා ට්‍රැක් රථයක පටවා නැවත ගාල්ල වරාය පරිශ්‍රයට රැගෙන ඒමට කටයුතු කල අතර ,මේ නිසා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් සුළු වෙලාවකට වසා තැබීමටද ගාල්ල වරාය පොලීසියට සිදුවිය.