ගාලුමුවදොරදී අරගලකරුවන් සිහි කරති


(යොහාන් භාසුර)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ රජයට එරෙහිව පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ කළ ‘අරගලයට’ සහභාගි වී සිටියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ ජනතාව සිහිකරමින් අරගලයේ ක්‍රියාකාරිහූ අද (9) පස්වරුවේ කොළඹ ගාලුමුවදොරදී සැමරුම් උත්සවයක් පැවැත්වූහ.

එම ස්ථානයට එක්ව සිටි අරලගයේ ක්‍රියාකාරිකයෝ ඉටි පන්දම් දක්වමින් ‘අරගලයට’ සහභාගි වී සියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ පිරිස සිහිකළහ.

ඡායාරූපය:

අරගලයේ ක්‍රියාකාරිහූ ඉටි පන්දම් දල්වමින් මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ අරගලකරුවන් හිසිකළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)