ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට


(රංජිත් රාජපක්ෂ)                      

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලික රෝහලට  ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (05) දහවල් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ආසන්නයේදිය.

ගැබිනි මව සායන කටයුතු සදහා ලොරි රථයෙන් ඇයගේ සැමියා විසින් රෝහල වෙත රැගෙනවිත් සායන කටයුතු අවසන් විමෙන් පසු ලොරි රථය නතර කර තිබු ස්ථානයට ගොස් එම මව ලොරි රථයේ අසුන් ගැනිමත් සමඟ ලොරි රථය රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි ඇති බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

රියදුරු ලොරි රථයේ අත් තිරිංගය ක්‍රියා නොකිරිම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්පොලීසිය කිවේය.