ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත


(අංජුල මහික වීරරත්න)

කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ  කලහාකාරී තත්වය සමඟ ගිනිබත් කෙරුණු  වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත හැකි විය.

කොළඹ  බොහෝ මාර්ග පාළුවට ගොස් තිබූ අතර හමුදා සොල්දාදුවන් රැගත් යුද වාහන එහා මෙහා ගමන් කරමින් සිටියි.

සොල්දාදුවෝ කොළඹ මංසන්ධිවල තැන තැන රැකවල්ලා සිටිති.

පංචිකාවත්ත මංසන්ධියේ දී ගිනි තබා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය මැදිහත් වී දොඹකරයක් ආධාරයෙන් ට්‍රක් රථයකට පටවන ආකාරය සහ කොළඹ නගරයේ පාරවල් පාළුවට ගොස් තිබූ ආකාරය ඡායාරූප වල දැක්වේ.

(ඡායාරූප: අංජුල මහික වීරරත්න)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: ශාන්ත රත්නායක)