ගිනිගත් නැවට තිදෙනෙක් ගොඩ වෙති


(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවට එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම යොමු කළ ආපදා කළමනාකාර නිලධාරිහු තිදෙනෙක් අද  ගොඩවූහ.

මේ අතර සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව වටා නිරීක්‍ෂණ චාරිකාව නිරත වූ බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පවසයි.

නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බවත් නැවට ගොඩවූ නිලධාරීන්ගෙන් නෞකාව පිළිබඳව වාර්තාවක් ලැබීමට නියමිත බවත් සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරියා සඳහන් කරයි