ගිනිගත් නැවේ සුන්බුන් ඉවත් කරන්න ගුවන් හමුදාවත් එක් වේ


(ඉන්දිකා රාමනායක) 

ගිනි ගත්  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටීමෙන්  මීගමුව, දුන්ගල්පිටිය ,තලාහේන වෙරළතීරයට ගසා ගෙන ආ සුන්බුන් ඉවත් කිරීම ගුවන් හමුදාව මැදිහත්  විය.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ 300 භට කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති බව ගුවන් හමුදාව කියයි.