ගිරිතලේ පියානෝව දිග හැරෙයි


(නිමල් ජයරත්න)

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.

පොළොන්නරුව ගිරිතලේ ජලාශයද වාන් දමන අතර එය පියානෝවක හැඩයක් මතු කරමින් ජලකඳ තිඹිරිඔය ඔස්සේ හතමුණ ඔයට ගලා යන අයුරු අලංකාරව දිස්වූයේ මේ අයුරුනි..

ගිරිතලේ වැවේ ජල මට්ටම මේ වනවිට අක්කර අඩි 23,120 පවතින අතර ඉන් තත්ත්වයට ගණාඩි 200 ක ජල කඳක් හතමුන ඔයට මුදා හැරෙන බව ගිරිතලේ වැව් භාර වාරි ඉංජිනේරු මහින්ද ජයතිලක මහතා පැවසීය.