(අංජුල මහික වීරරත්න)
තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට අවස්ථාව සලසා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා පැවසීය.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුරයේදී හමු වූ අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.