(ආරියරත්න රණබාහු)
ප්‍රකට ප්‍රවීණ සාහිත්‍යවේදියකු සහ ගත් කතුවරයකු වන ගුණසේන විතාන මහතා ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත විය .
වාමාංශික ව්‍යාපාරයේ පැරණි ගමන් සගයකු වු ඒ මහතා මිය යන විට 93 වනවියෙහි පසුවූ අතර හෙතෙම සිව් දරු පියෙකි.
ශ්‍රී ලංකා ජාතික ග්රන්ථ සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති වරයකුද වන විතාන මහතා ප්රගතිශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛක පෙරමුණේ ආරම්භක ලේකම්වරයාද විය.
සිංහල කෙටිකතා ක්ෂේත්රයට අනූපමේය සේවයක් කළ ලේඛකයකු ලෙස හැඳින්වෙන ඒ මහතා විසින් රචිත කෙටිකතා රැසක් රුසියාව බල්ගේරියාව සහ ජර්මනිය ආදී විදෙස් සාහිත්‍යයටද පරිවර්තනය කෙරිණි.
හැටේ දශකයේ අග භාගයේදී ග්රන්ථකරණයට පිවිසී විතාන මහතා ගේ ‘‘රථම‘‘ කෙටිකතා සංග්‍රහය ‘‘අයියා වගේ කෙනෙක්‘‘ නම්විය. එම කෙටිකතා සංග්‍රහයේ කංචුක චිත්‍රය නිර්මාණය කරනු ලැබුවේ දිවංගත ප්‍රවීණ සාහිත්‍යවේදී ග මහගම සේකරයන් විසිනි .
ජාතික සමගිය පිළිබඳව සිය කෙටි කතා මගින් පාඨකයා දැනුවත් කිරීමට නිරතුරුව කටයුතු කළ මෙම ලේඛකයා විසින් රචිත කෘති අතර රාසම්මා ,සිංහල පියකුට දාව දෙමළ මවකගේ උපන් පුත්තුන්ගේ කතා වස්තුව, ගරු මාංචු, මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ, යාපනේ සිංහල බේකරිය, යන ග්රන්ථ වේ.
ඔහු විසින් රචිත අවසන් කෘතිය කැප්පිටිපොලගේ සංග්රාමයයනුවෙන් නම් කර තිබිණි.
දේහය (27) සිට බොරැල්ල ජයරත්නමල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු (28) සවස 4.00ට බොරැල්ල ු සුසාන භූමියේදී සිදු කෙරේ.